සියයට පනහක තෙල් සංචිත නැති ෂෙඩ් සංස්ථාවේ පාලනයට

සියයට පනහක තෙල් සංචිත නැති ෂෙඩ් සංස්ථාවේ පාලනයට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සියලුම ඉන්ධන පිරවුම්හල්වලට සියයට පනහක ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යාම අනිවාර්ය කර තිබියදී එයට අනුගත නොවෙමින් කටයුතු කරන සියලුම පිරවුම්හල් ඛනිජ තෙල් සංස්ථාවේ පාලනයට ගන්නා බව එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පැවසීය.

ඒ අනුව, මේ වන විට පිරවුම්හල් 770කට මේ බව දන්වමින් ලිපි යොමු කර ඇති බව ද ඔහු කියා සිටියේය.

එම පිරවුම්හල් තවදුරටත් සියයට පනහක ඉන්ධන සංචිතයක් පවත්වාගෙන නොයන්නේ නම් ඒවා ඛනිජ තෙල් සංස්ථාව භාරයට ගන්නා බවද කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ වන විට එම නීතීන්වලට අනුගත නොවූ රාජගිරියේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාලනයට ගෙන ඇත.

එමෙන්ම යාපනයේ කරෙයිනගර්හි පිහිටි ඉන්ධන පිරවුම්හලක්ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාරයට ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Share This