විදුලි බිල සංශෝධනයක්

විදුලි බිල සංශෝධනයක්

ලබන ජුනි මාසයේ සිට නැවත වරක් විදුලි බිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව මේ වන විට සකස් කරමින් සිටින බවයි, ඔහු කියා සිටියේ.

ලේකම්වරයා පෙන්වා දෙන්නේ එහි අවසන් යෝජනා වලිය එළඹෙන සතියේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බවය.

ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු ඊට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි විය යුතු වේ.

ඉන් අනතුරුව ලබන ජුනි මාසයේ සිට විදුලි බිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියි.

Share This