ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා විජයදාස – මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා විජයදාස – මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, වෘත්තීය සමිති නායක T.B ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ආණ්ඩුවේ ඇමතිවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එකතු කරගත් බව කී මෛත්‍රීපාල මහතා ඔහු ඇමති ධූරයට කිසිඳු කැමැත්තක් නොමැති බව ද සඳහන් කළේය.

විජේදාස රාජපක්‍ෂ මහතාට නිදහස් පක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය දෙන බව ද ඒ මහතා පැවසීය.

විජයදාස රාජපක්ෂ මැතිතුමාට එම පක්ෂයේ වැඩි පිරිසකගේ කැමැත්ත ඇති බවත් තමන් එක වරක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතරම ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී නැවත ඉදිරිපත් නොවන්නේ යැයි ප්‍රකාශ කළ බවත් ඒ මහතා පැවසීය.

Share This