දවසේ ලග්න පලපල – 2024 මාර්තු මස 26 වන අඟහරුවාදා

දවසේ ලග්න පලපල – 2024 මාර්තු මස 26 වන අඟහරුවාදා

රාහු කාලය
3:18 pm – 4:50 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

නව වැඩ ඇරැඹීමට, දියත් කිරීමට ශුභයි. අනුන් වෙනුවෙන් ද ක්‍රියාකිරීමට සිදුවන කාර්යබහුල දිනයකි. මහජන ප්‍රසාදයට පත්වන දිනයකි. තරමක් වැය පස ද ඉහළ යයි. ස්නායුගත රෝග ද මතු කරයි.

Date: 2024-03-26

ජය අංකය: 09
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

රාජකාරි බහුලවෙයි. තරමක් අවිවේකි බව මතු කරයි. අතපසුවීම්වලට හේතු බැවින් ඉවසීමෙන් ක්‍රියාකාරකම්වල යෙදිය යුතු, භූමි ලාභ සම්පත් ගෙන දෙන අමතර ලාභ දෙන දිනකි. මානසික රෝග මතු වේ.

Date: 2024-03-26

ජය අංකය: 04
ශුභ වර්ණය: තැඹිලි
Qries

මිථුන

පොදුසේවා කටයුතුවල යෙදෙන අතර තම ව්‍යාපාරවල ද දියුණුව පෙනේ. නීතිමය ගැටලු තමනට වාසි සහගතව විසඳේ. බලාපොරොත්තු වූවාට වඩා මිල මුදල් වැය වේ. මුත්‍රා ආසාදන ආශ්‍රිත රෝග මතු වේ.

Date: 2024-03-26

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ශුභාශුභ ඵලදෙයි. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභ නොවේ. ඉවසීමෙන් කටයුතුවල යෙදිය යුතු දිනකි. ගනුදෙනුවලදී ප්‍රවේශම මගින් හදිසි ධන ලාභ ලබයි. සිරසගත රෝග, උෂ්ණ රෝග මතු වේ.

Date: 2024-03-26

ජය අංකය: 05
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

කාර්යබහුල දිනකි. කෙටි ගමන් බිමන් යෙදේ. ගමනේදී ප්‍රවේශම ද මැනවි. ආගමික වතාවත්, පුද පූජා වැනි දේට මුල්තැන දී ක්‍රියා කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර ආමාශගත රෝග මතුවන දිනකි.

Date: 2024-03-26

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා රෝස
Qries

කන්‍යා

ශුභවාදි ඵල මතු කරයි. නමුත් තරමක් හුදෙකලා අයුරින් ක්‍රියාකිරීමට සිදුවෙයි. ආධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමුවන අතර තම ළඟම ඥාතිීන් වෙනුවෙන් දවස කැප කරයි. සෙම් බහුල රෝග මතු කරයි.

Date: 2024-03-26

ජය අංකය: 06
ශුභ වර්ණය: ලා කොළ
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රව ඵලදෙයි. කෙටි ගමන් යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. වැයපස ද තරමක් ඉහළ යයි. දහමට ළැදිව ක්‍රියා කරයි. පුද පූජාවල යෙදේ. හදිසි රෝග, ආපදා මතු කරයි.

Date: 2024-03-26

ජය අංකය: 08
ශුභ වර්ණය: රන්වන්
Qries

වෘශ්චික

ශුභවාදි ඵල මතු කරයි. ඥාති සබඳතා වර්ධන ක්‍රියා දියත් කරයි. තරමක් විනෝදජනක ක්‍රියාවල ද යෙදේ. දහමට ළැදිවෙයි. ආධ්‍යාත්මික ගුප්ත වතාවත් කෙරෙහි යොමුවන දිනකි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුවෙයි.

Date: 2024-03-26

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ගමන් බිමන් ද තරමක් බහුල වෙයි. ආගමික උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. විනෝද ක්‍රියාකාරකම්වල ද යෙදෙන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝගතු වේ.

Date: 2024-03-26

ජය අංකය: 02
ශුභ වර්ණය: ලා රෝස
Qries

මකර

ක්‍රියාකාරකම් බහුලයි. විනෝද ගමන්, වන්දනා ගමන් වැනි දේට හේතුයි. පුණ්‍ය කර්ම ක්‍රියායවන්හි යෙදෙයි. වැය පස ද ඉහළ යන දිනකි. හදිසි ලාභ ද ලබයි. ව්‍යාධික රෝග මතු කරයි.

Date: 2024-03-26

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

විනෝදජනක උත්සව ගමන් බිමන් බහුල වෙයි. තරමක මිතුදම් ඇති වෙයි. ආගමික උත්සවවල ද යෙදෙන තරමක් මිල මුදල් වැය කරන දිනකි. පොදුසේවා කටයුතුවල ද යෙදෙන දිනකි. සෙම් කෝප රෝග මතු වේ.

Date: 2024-03-26

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

සැහැල්ලු සිතින් දවස ගෙවයි. ආගමික වතාවත් පුද පූජා කිරීම වැනි දේවල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. තම නිවස උත්සව ශ්‍රියාවක් ඇතිවෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

Date: 2024-03-26

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Share This