X-Press Pearl එකඟතා සඳහා නීතිපති ඇතුළු කණ්ඩායම අද සිංගප්පූරුවට

X-Press Pearl එකඟතා සඳහා නීතිපති ඇතුළු කණ්ඩායම අද සිංගප්පූරුවට

X-Press Pearl නෞකා අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත් කළ විශේෂ කණ්ඩායම අද (17)සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

එම කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ නීතිපති සංජය රාජරත්නම් මහතා ය.

හෙට හා අනිද්දා ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නෞකා සහ රක්ෂණ සමාගම් වල නීතිඥයින් සහ නිලධාරීන් ඊට එක්වීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ හානියට අදාළ වන්දි මුදල අමෙරිකානු ඩොලර් බිලියන 6.4 ක් ලෙස ගණන් බලා තිබේ.

Share This