අළුබදුන තරඟාවලිය අද ඇරඹෙයි

අළුබදුන තරඟාවලිය අද ඇරඹෙයි

ලොව පැරණිතම ක්‍රිකට් තරගාවලිය ලෙස හදුන්වන අළුබදුන තරගාවලිය අද (16) ආරම්භ වීමට නියමිතව ඇත.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙම තරඟාවලිය එංගලන්තයේ එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

මෙවර ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලියට පැමිණෙන්නේ ටෙස්ට් ලෝක ශුරයන් ලෙස වීම විශේෂත්වයක් වන අතර තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ICC ලෝක ශූරතා තරගාවලියට ද අයත් තරගයක් ලෙසටය.

2021 වසරේ සිට එංගලන්තය සමඟ අවසන් වරට පැවැති ටෙස්ට් තරඟ 5න් 4ක් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ

මෙවර ටෙස්ට් තරගාවලියට තරග 5ක් ඇතුළත් වෙයි.

 

Share This