දවසේ ලග්න පලාපල – 2024 මැයි මස 06 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2024 මැයි මස 06 වන සඳුදා

Qries

මේෂ ක්‍රියාකාරකම් බහුල දිනකි. විනෝදජනක ක්‍රියාවන් සහ ආගමික වතාවත් ආදියෙහි නියැළෙන දිනකි. තම ඥාති මිත්‍රාදීන් සමග ඒකරාශිව ක්‍රියාකරයි. ප්‍රීති උත්සව සඳහා වැඩපිළිවෙළවල් යෙදේ. ශීර්ෂගත රෝග පීඩා මතු කරයි.

Date: 2024-05-06

ජය අංකය: 03

ශුභ වර්ණය: රතු

Qries

වෘෂභ දුර ගමන්, වන්දනා ගමන් වැනි දේවලට හේතුයි. තරමක් ආගමික වතාවත් උත්සව වැනි දේවල්වලට ද යොමු වෙයි. ප්‍රීති සාද යෙදේ. නවක මිතුදම ඇතිවෙයි. සිත් සැහැල්ලුවෙන් ගෙවේ. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

Date: 2024-05-06

ජය අංකය: 07

ශුභ වර්ණය: සුදු

Qries

මිථුන ක්‍රියාකාරකම් බහුලයි. සමාජ සත්කාරක ක්‍රියා, වෙනුවෙන් කටයුතු ආදියෙහි යෙදේ. පොදු උත්සව, සමිති සමාගම්වලට සහභාගි වෙයි. ආගමික වතාවත් පුද පූජා ආදියෙහි යෙදේ. සන්ධි රෝග, ආමවාත රෝග සෑදේ.

Date: 2024-05-06

ජය අංකය: 06

ශුභ වර්ණය: රන්වන්

Qries

කටක කාර්යබහුල දිනකි. තම නිවස ද උත්සව ශ්‍රියාවක් මතු කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව කටයුතු කරයි. බලාපොරොත්තු රහිත ලෙස වැය පස ද ඉහළ යයි. හදිසි ලාභ ද ලබයි. සෙම්කෝප රෝග මතු වේ.

Date: 2024-05-06

ජය අංකය: 05

ශුභ වර්ණය: රෝස

Qries

සිංහ ශුභා ශුභ මිශ්‍රඵල උදාකරයි. සමාජ සත්කාරක ක්‍රියා දියත් කරයි. අසල්වැසි සබඳතා වර්ධනය වෙයි. දාන ශීලාදි ක්‍රියාවන්හි යෙදේ. දුර ගමන්ද යෙදේ. අමතර ලාභ ලබන දිනකි. මුත්‍රා ආසාදන මතු කරයි.

Date: 2024-05-06

ජය අංකය: 01

ශුභ වර්ණය: ළා දම්

Qries

කන්‍යා ගමන් බිමන් තරමක් බහුල වෙයි. පොදු උත්සව, සමිති සමාගම් ආදියට මුල් වී ක්‍රියා කරයි. ආගමික උත්සව සංවිධානය, ඒවාට සහභාගි වීම් ආදියට හේතුයි. හදිසි ලාභ ද ලබයි. මූලාරිෂ්ට රෝග මතු කරයි.

Date: 2024-05-06

ජය අංකය: 06

ශුභ වර්ණය: කොළ

Qries

තුලා ක්‍රියාකාරකම් බහුල දිනකි. පොදු සේවා කටයුතු, ආගමිත වතාවත් ආදියෙහි යෙදේ. ආධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි නැඹුරු වේ. දුරස්ථව සිටි ඥාති මිත්‍රාදීන් සමීප වෙයි. හදිසි රෝග කැපුම් කෙටුම්වලට හේතුයි.

Date: 2024-05-06

ජය අංකය: 07

ශුභ වර්ණය: අළු පැහැය

Qries

වෘශ්චික අවිවේකී බවක් ගෙන දෙයි. විනෝද ක්‍රියා කරයි. දාන ශීලාදී ගුණධර්මවලට මුල් තැන දී ක්‍රියා කරයි. ප්‍රසාදයට හේතුයි. ඥාතීන් අතර ප්‍රධාන වේ. සෙම් බහුල රෝග ද මතු කරයි.

Date: 2024-05-06

ජය අංකය: 04

ශුභ වර්ණය: දුඹුරු

Qries

ධනු ක්‍රියාකාරි දිනකි. නිවසේ උත්සව ශ්‍රියාවක් ඇති කරයි. විනෝදයෙන් ගෙවන දිනකි. වැයපස ද ඉහළ යයි. ආගමට දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාතීන් දයාවට යොමු කරවන ක්‍රියා යොදයි. මුත්‍රා ආසාදන ගෙන දෙයි.

Date: 2024-05-06

ජය අංකය: 02

ශුභ වර්ණය: කහ

Qries

මකර ගමන් බිමන් බහුල වෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වන ක්‍රියා යෙදේ. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. ප්‍රීති සාද උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. කොන්දේ රෝග, වාත රෝග මතු වේ.

Date: 2024-05-06

ජය අංකය: 08

ශුභ වර්ණය: දම්

Qries

කුම්භ ක්‍රියාශීලි දිනකි. විනෝද ගමන් ක්‍රියා ආදියෙහි යෙදේ. සැහැල්ලු මනසින් දවස ගෙවයි. නව සබඳතා මත සිත් සැහැල්ලු වෙයි. ආගමික පුද පූජා ගරුකරන ක්‍රියා කරයි. හදිසි ලාභ ලබයි. නේත්‍ර රෝග, දන්ත රෝග මතු වේ.

Date: 2024-05-06

ජය අංකය: 05

ශුභ වර්ණය: නිල්

Qries

මීන ගමන් බිමන් යෙදෙන අතර වැය පස ඉහළ යන දිනකි. තම වටිනාකම ප්‍රදර්ශනය වන ක්‍රියා ද යෙදේ. ආගමික උත්සව වැනි දේවල් යෙදේ. තම ඥාතීන් සමග සුහදතාව වර්ධන ක්‍රියා යෙදේ. සෙම් බහුල රෝග ද මතු කරයි.

Date: 2024-05-06

ජය අංකය: 09

ශුභ වර්ණය: තැඹිලි

Share This