ඇමති විජයදාසගේ නම මැතිවරණ කොමිසමට

ඇමති විජයදාසගේ නම මැතිවරණ කොමිසමට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තෝරාපත් කර ගත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට පියවර ගන්නා බව පක්ෂයේ මෛත්‍රී පාර්ශවය පවසයි.

ඒ අනුව, නිදහස් පක්ෂ වැඩබලන මහලේකම්වරයා විසින් විජයදාස රාජපක්ෂ මහතාගේ නම සහ විධායක සභාවේ දී ගත් තීරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය පසුගිය 20 රැස්වූ අවස්ථාවේ ගත් තීරණයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක රැස්වීමක් ඊයේ (21) පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයකදී කැඳවා තිබිණි.

මෙම විධායක සභා රැස්වීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද සහභාගී වී සිටි අතර එහිදී ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරයට පත් කර ගැනුණි.

Share This