වවුනියා බන්ධනාගාරයේ සංචරණ සීමා ඉවත් කෙරේ

වවුනියා බන්ධනාගාරයේ සංචරණ සීමා ඉවත් කෙරේ

වසංගත රෝගී තත්ත්වයක් හේතුවෙන් වවුනියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට සිට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදු කළ හැකි බව ප්‍රාදේශීය වසංගත ඒකකය විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.

බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැලදීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා වු ක්ෂණික පූර්වාරක්ෂක පියවරක් ලෙස එම පරිශ්‍රය තුළ සංචරණ සීමා පැනවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

පසුගිය මස 25 වැනිදා සිට සති දෙකක කාලයක් පනවා තිබූ සංචරන සීමා අද (07) දිනයෙන් අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊට සුදුසු තත්ත්වයක් බන්ධනාගාරය තුළ පවතින බව වව්නියා ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව හෙට (08) සිට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් වව්නියා බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුවත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Share This