දවසේ ලග්න පලාපල – 2024 මාර්තු මස 06 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2024 මාර්තු මස 06 වන බදාදා

රාහු කාලය
12:21 pm – 1:52 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ක්‍රියාශීලියි. පොදු උත්සව සමිති සමාගම් වැනි දේවල් යෙදේ. තරමක් අවිවේකී බවක් ගෙනදෙයි. දහමට ළැදිව ක්‍රියාකරයි. ඉඩකඩම් දේපළ ලාභ ලබයි. හදිසි ධනලාභ ගෙනදෙයි. සෙම් රෝග ඌෂ්ණ රෝග මතුකරයි.

Date: 2024-03-06

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

දුර ගමන් යෙදේ. අනවශ්‍ය ක්‍රියාකාරකම්ද යෙදෙන අතර වැයපසද ඉහළ යයි. රාජකාරි ස්ථානවල ඉවසීමෙන් ක්‍රියාකළ යුතුය. අනවශ්‍ය ලෙස විවේචනයට ලක්වෙයි. අමතර ලාභද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2024-03-06

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවෙයි. සම්මුඛ පරීක්‍ෂණ වැනි දේ වලින් ජයගෙන දෙයි. භූමි ලාභ, භූමි සම්පත් ගෙනදෙන දිනකි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

Date: 2024-03-06

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

නව වැඩකටයුතු ඇරැඹීමට හේතුයි. උගතුන් වියතුන්ගෙන් උදව් උපකාර ලබයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් මතුකරයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. හදිසි ධනලාභ ලබයි. ශිරෝ රෝග මතුකරයි.

Date: 2024-03-06

ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ක්‍රියාකාරී දිනකි. රාජකාරි බහුලයි, අවිවේකයි. ගමන් බිමන් යෙදෙන අතර අන් අයගේ අවශ්‍යතා මතද ක්‍රියාකිරීමට සිදුවෙයි. තම වෙළහෙළදාම් වල පැහැදිලි දියුණුවක් ගෙනදෙයි. සෙම් අමාරු වැඩිවේ.

Date: 2024-03-06

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

රැකියා ස්ථානවල පැවැති බාධා ඉවත්වෙයි. සතුරු බලපෑම් යටපත් වෙයි. ආර්ථික ලාභ ගෙනදෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි. අමතර ලාභ ලබයි. බඩවැල් ආශ්‍රිත රෝග, මූල රෝග ගෙන දේ.

Date: 2024-03-06

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

තරමක් ක්‍රියාකාරකම් බහුලවීමෙන් අවිවේකයද ඒ නිසාම ආවේගශීලී ගතිද මතුකරයි. සතුරු බලපෑම් ද මතු කරයි. බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු අතර ඉතාම ඉවසීමෙන් කටයුතු කළ යුතුය. සෙම් කෝප රෝගද මතුවේ.

Date: 2024-03-06

ජය අංකය: 07
ශුභ වර්ණය: අළු පැහැය
Qries

වෘශ්චික

අවිවේකී දිනකි. නමුත් ජනතා සේවයට කැපවී ක්‍රියාකරයි. පොදු රාජකාරිවලදී මුල්වී ක්‍රියාකරයි. ව්‍යාපාරවලදී පැහැදිලි දියුණුවකට හේතුයි. භූමි ලාභ මතුකරන දිනකි. ආම වාත රෝග, සන්ධි රෝග මතුකරයි.

Date: 2024-03-06

ජය අංකය: 04
ශුභ වර්ණය: ලා රතු
Qries

ධනු

සුපුරුදු රාජාකාරි ක්‍රියාවන්ගෙන් නිදහස්ව දහමට ළැදිව ක්‍රියාකරයි. ආගමික වතාවත් පුද පූජා කෙරෙහි යොමුවන අතර තම ළඟම විනෝදජනක ක්‍රියාවන්හිද යෙදේ. අම්ල පිත්ත රෝගද සෑදේ.

Date: 2024-03-06

ජය අංකය: 01
ශුභ වර්ණය: කහ
Qries

මකර

විනෝදජනක කටයුතුවල යෙදේ. ආගමික වතාවත් ගරු කරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සන්ධි ඉදිමුම් රෝග මතුකරයි.

Date: 2024-03-06

ජය අංකය: 08
ශුභ වර්ණය: තද කහ
Qries

කුම්භ

පරිත්‍යාගශීලී දිනකි. ශුභවාදී ක්‍රියා ඇරඹීමටද හේතුයි. ආගමික පුදපූජා කෙරෙහි සිත යොමුකරවයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හිද යෙදෙන වැයපස ඉහළ යන දිනකි. සිරසාගත රෝග මතුකරයි.

Date: 2024-03-06

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. පදිංචි ස්ථානයේද සුළුවෙන් හෝ උත්සව ශ්‍රියාවක් ගෙනදෙයි. තරමක් වැයපසද ඉහළ යයි. ඉදිමුම් රෝග, සන්ධි වේදනාද ඇතිවේ.

Date: 2024-03-06

ජය අංකය: 09
ශුභ වර්ණය: දම්
Share This