රට රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්න අයට සුබ පණිවුඩයක්

රට රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්න අයට සුබ පණිවුඩයක්

විදේශ රටවල රැකියා අපේක්‍ෂාවෙන් පසුවන තරුණ තරුණියන්ට ඒ සඳහා අවස්ථාව ලබාදීමේ වැඩ සටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඇමති රොෂාන් රණසිංහගේ උපදෙස් පරිදි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය,ජාතික තරුණ සේවා සභාව හා ජාතික තරුණ සේවා සමාගම එක්ව මෙය ක්‍රියාවට නංවන බව ජාතික තරුණ සේවා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආර්.පී.සුරංග අජිත් මහතා ප්‍රකාශ කළේය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වෙසෙන තරුණ තරුණියන්ගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරලීමේ අරමුණින් මෙහි ප්‍රථම වැඩසටහන පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව මේ මස 30 වෙනි සෙනසුරාදා පොලොන්නරුව තෝපාවැව ජාතික පාසැල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානයකර ඇතැයිද ඒ මහතා කීය.

Share This