දේශබන්දුට එරෙහි සිතාසි බල රහිත කරයි

දේශබන්දුට එරෙහි සිතාසි බල රහිත කරයි

අරගලකරුවන් පිරිසක් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද (26) රිට් ආඥාවක් නිකුත් කළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළහ.

එමෙන්ම පසුගිය වසරේ මැයි 9 වැනිදා ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා නිකුත් කළ ලිපියක් ද බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ.‍

Share This