දවසේ ලග්න පලාපල – 2024 පෙබරවාරි මස 21 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2024 පෙබරවාරි මස 21 වන බදාදා

රාහු කාලය
12:24 pm – 1:54 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ශුභා ශුභ මිශ්‍රඵල දෙන අතර සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. රැකියා ස්ථානවල පැවැති බාධා ඉවත් වෙයි. විදෙස් ගමන්, දුරගමන් වැනි දේවලටද හේතු ගෙනදෙන අතර වැයපසද තරමක් ඉහළ යයි. ශිරෝ රෝගද මතු කරයි.

Date: 2024-02-20

ජය අංකය: 05
ශුභ වර්ණය: තැඹිලි
Qries

වෘෂභ

සුපුරුදු රාජකාරිවල යෙදෙන අතර තරමක් ගමන් බිමන්ද යෙදේ. අවිවේකී බව ඇතිවෙයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. ඇසුරින් දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සන්ධි රෝග, වාත රෝග, ඉදිමුම් රෝග සාදයි.

Date: 2024-02-20

ජය අංකය: 01
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

ක්‍රියාකාරකම් බහුල වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතාමත වැයපස ඉහළ යයි. අන්සතු දේපළ පිළිබඳ උරුමකමක් ගෙනදෙයි. විදෙස් ගමන් සඳහා යොමුවෙයි. භූමිලාභ සම්පත් ගෙනදෙයි. පාද ආබාධ, ඉදිමුම් රෝගාදියට හේතුයි.

Date: 2024-02-20

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

උනන්දුවෙන් රාජකාරි කටයුතු වල යෙදෙන තරමක් අවිවේකී බවක් ගෙනදෙන දිනකි. තම අරමුණු ජයගනී. තම ඥාතීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය සහ ධනය වැය කිරීමට සිදුවෙයි. සෙම් බහුල රෝග, ඌෂ්ණ රෝග මතු කරයි.

Date: 2024-02-20

ජය අංකය: 04
ශුභ වර්ණය: රන්වන්
Qries

සිංහ

ශුභඵල මතු කරයි. උගතුන් ඇසුරට පත්වෙයි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. තම ඥාතීන්ගේ අරමුණු මත බාධා වර්ධනය වෙයි. දහමට ළැදිව ක්‍රියාකරයි. සෞඛ්‍ය පිළිබඳව ගැටලු මතු කරයි.

Date: 2024-02-20

ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

කන්‍යා

ගමන් බිමන් බහුල වෙයි. වන්දනාගමන් පුද පූජා ක්‍රියා ආදියෙහි යෙදේ. විනෝද ක්‍රියාවන්හිද යොමුවන තම ඇසුරු කරන්නන්ද දහමට යොමුකරවන ක්‍රියාකාරි දිනකි. අමතර ලාභද ලබයි. සෙම් කෝප රෝගද මතුකරයි.

Date: 2024-02-19

ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

තුලා

ක්‍රියාකාරී දිනකි. ආගමික උත්සව වැනි දේවලට සහභාගි වෙයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවන ක්‍රියාවන්හි යෙදේ. තරමක් වැයපසද ඉහළ යන දිනකි. පොදු සේවාවල යෙදේ. ඌෂ්ණ රෝග මතු කරයි.

Date: 2024-02-19

ජය අංකය: 06
ශුභ වර්ණය: අළු පැහැය
Qries

වෘශ්චික

ආගමික චාරිත්‍රවලට මුල් තැනදී ක්‍රියාකරයි. තම ඇසුරු කරන්නන් සමඟ දහමට යොමුවන කරුණුවල යෙදේ. ප්‍රීති සාද වැනි දේවලටද හේතුයි. තරමක් මිල මුදල් වැයවන දිනකි. හදිසි රෝග, කැපුම් කෙටුම්වලට හේතුයි.

Date: 2024-02-19

ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්
Qries

ධනු

ක්‍රියාකාරකම් බහුල වෙයි. ප්‍රීති සාද උත්සව වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. ප්‍රේම සබඳතා ඇතිවෙයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. මිල මුදල් තරමක් වැයවේ. ඌෂ්ණ රෝග මතු කරයි.

Date: 2024-02-19

ජය අංකය: 01
ශුභ වර්ණය: තද කහ
Qries

මකර

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ඇසුරින් දුරස්ථවූවන් හා බැඳේ. අමතර ලාභද ලබයි. මහජන ප්‍රසාදයට ලක්වන කරුණු කාරණා යෙදේ. ආගමට දහමට ලැදිව ක්‍රියාකරන දිනකි. හමේ රෝග ආමාශගත රෝග මතු කරයි.

Date: 2024-02-19

ජය අංකය: 03
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභාශුභ ඵලදෙයි. තම ව්‍යාපාරවල ප්‍රගතියක් දැකගත හැකි අතර තරමක් ආදායමද සරුවෙයි. නමුත් හදිසි තීරණමත අවාසි සැලසේ. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. හදිසි රෝග, ආමාශගත රෝග මතුවේ.

Date: 2024-02-19

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ගමන් බිමන් අධික වීමෙන් අවිවේකී වෙයි. බුද්ධිමත්ව සිතාබලා තීරණ ගත යුතු දිනකි. තම වටිනාකම ප්‍රදර්ශනය වන අතර ආගමික පුද පූජාවලට මුල්තැන දී ක්‍රියා කරයි. හදිසි ලාභද ලබයි. සෙම් කෝප රෝග මතුවේ.

Date: 2024-02-19

ජය අංකය: 09
ශුභ වර්ණය: රෝස
Share This