බ්‍රිතාන්‍ය නළු ජූලියන් සෑන්ඩ්ස්ගේ බවට සැක සිරුරු කොටස් හමුවේ

බ්‍රිතාන්‍ය නළු ජූලියන් සෑන්ඩ්ස්ගේ බවට සැක සිරුරු කොටස් හමුවේ

දකුණු කැලිෆෝනියාවේ කඳු තරණය කරමින් සිටියදී පසුගියදා අතුරුදන් වූ බ්‍රිතාන්‍ය නළු ජුලියන් සෑන්ඩ්ස් අතුරුදන් වූ ස්ථානය බවට සැලකෙන ස්ථානයේ තිබී එක්සත් ජනපදයේ කඳු නගින්නන් විසින් සැක සහිත සිරුරු කොටස් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම කොටස් හඳුනා ගැනීම ලබන සතියේදී සම්පූර්ණ කළ යුතු බවයි දකුණු කැලිෆෝනියාවේ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ

65 හැවිරිදි ජුලියන් සෑන්ඩ්ස් ජනවාරි 13 වන දින ලොස් ඇන්ජලීස්වලට උතුරින් සැන් ගේබ්‍රියෙල් කඳුකරයේ පා ගමනින් යෙදී සිටියදී අතුරුදහන් වූ බවයි මීට පෙර විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඔස්කාර් සම්මානය දිනූ “A Room With A View” චිත්‍රපටය ඇතුළු නිර්මාණ රාශියකට ඔහු දායකත්වය දී තිබුණි.

 

Share This