දවසේ ලග්න පලාපල – 2024 මාර්තු මස 05 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 මාර්තු මස 05 වන අඟහරුවාදා

රාහු කාලය
3:22 pm – 4:53 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ක්‍රියාශීලී දිනකි. අතපසු වැඩ ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇති කරයි. නවක වැඩ ඇරැඹීමට ද හේතුයි. දුරස්ථ වූ ඥාතීන් සමීප වෙයි. තරමක් තම ආර්ථිකයේ වර්ධනයට හේතුයි. ශිරෝ රෝග, උෂ්ණ රෝග සාදයි.

Date: 2024-03-05

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුල වෙයි. සතුරු බලපෑම් දමනය කිරීමේ ශක්තිය ඇති කරයි. රාජකාරීවලදී ඉතා බුද්ධිමත් විය යුතුයි. නොගැළපෙන ඇසුරුකම් මත පීඩා මතුකරයි. මානසික රෝග මතුකරයි.

Date: 2024-03-05

ජය අංකය: 08
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

කලබලකාරී වාතාවරණයක් ඇතිවෙයි. ක්‍රියාකාරකම් අවුල් සහගත වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. තම සැලසුම්වලට බාධා ගෙනදෙයි. තරමක් වැයපස ද ඉහළ යයි. සෙම් බහුල රෝග ද මතුවේ.

Date: 2024-03-05

ජය අංකය: 02
ශුභ වර්ණය: ලා නිල්
Qries

කටක

ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. තම ළඟම ඥාතීන්ගෙන් පීඩා ගෙනදෙයි. මහන්සිවී වැඩ කරයි. ආහාර විෂවීම්වලට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් ක්‍රියා කළ යුතුයි. මුත්‍රා ආසාදන රෝග මතුකරයි.

Date: 2024-03-05

ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල ගෙනදෙයි. කෙටි ගමන් යෙදේ. තරමක් අලස ගති ඉස්මතුකරයි. තම ළඟම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. සතුරන් දමනය වෙයි. සෙම්කෝප රෝගවලට හේතුයි.

Date: 2024-03-05

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභාශුභ ඵල දෙයි. රාජකාරී බහුල වෙයි. අවිවේකි බවක් ගෙනදෙයි. කලකිරීම් ඇතිකරවන ප්‍රශ්න මතුකරයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2024-03-05

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රඵල උදාකරයි. හුදෙකලා ගති මතුවෙයි. තම නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. දහමට ළැදිව ක්‍රියාකරයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. සෙම් ආසාදන රෝගවලට හේතුයි.

Date: 2024-03-05

ජය අංකය: 03
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. සාමාන්‍ය ලෙසින් රාජකාරීවල යෙදෙන අතර තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ද ඉහළ යයි. මුඛ රෝග, දන්ත රෝග මතුකරයි.

Date: 2024-03-05

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභවාදී ඵල දෙයි. තරමක් සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. රැකියාවන්හි ප්‍රබෝධයෙන් යෙදේ. තම ව්‍යාපාරවල ද පැහැදිලි දියුණුවකට හේතුයි. යටපත්ව තිබූ රෝග නැවත මතුකරයි.

Date: 2024-03-05

ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස
Qries

මකර

ශුභඵල දෙයි. තරමක් අලසව ක්‍රියාකරයි. තමන් ගැන කලකිරීම් මතුවෙයි. අතමිට තරමක් හිඟවෙයි. ඇසුරුකරන්නන්ගෙන් උදව් උපකාර වැනි දේ ලබයි. වාතාධික රෝග පැනනැඟේ.

Date: 2024-03-05

ජය අංකය: 09
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරීවල ප්‍රබෝධවත්ව යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ ද අවශ්‍යතා මත දවස ක්‍රියාකරයි. අමතර ලාභ ලැබේ. සෙම් අසාදන රෝග මතුවේ.

Date: 2024-03-05

ජය අංකය: 05
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

මීන

ශුභවාදී ඵල මතුවෙයි. තම අරමුණු තරමක් ජය ගනී. කලක් මනසට වධදුන් ප්‍රශ්න නිරාකරණය වෙයි. ඥාති සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභ ද ලබයි. උදරාබාධ, බඩවැල් රෝග මතුවෙයි.

Date: 2024-03-05

ජය අංකය: 07
ශුභ වර්ණය: තද කහ
Share This