ලෝටස් පාර අවහිර වෙයි

ලෝටස් පාර අවහිර වෙයි

රජයේ විධායක නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

මෙම ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (02) සහ හෙට (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමටද තීරණය කර ඇත.

Share This