රජයේ විධායක නිලධාරීන් අද සහ හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ විධායක නිලධාරීන් අද සහ හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (02) සහ හෙට (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

ඊට සමගාමීව අද දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්වෙන බව එම සංගමයේ සභාපති කේ.එල්.උදයසිරි මහතා පැවසීය.

Share This