Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක්

Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක්

Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින OnmaxDT සමාගමේ අධ්‍යක්ෂවරුන් 04දෙනා ද අධිකරණයේ පෙනී සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද මෙම නියෝගය සිදුකර තිබනවා.

Share This