බටපොළ අවන්හලක් තුළ පුද්ගල ඝාතනයක්

බටපොළ අවන්හලක් තුළ පුද්ගල ඝාතනයක්

බටපොළ බටදූව, අවන්හලක් තුළදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය අයකු කඩු පහරක් කා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු අද (24) අලුයම මිය ගොස් ඇති බව බටපොල පොලීසිය පවසයි.

මෙසේ ඝාතනය වී ඇත්තේ, බටපොළ කොබෙයිතුඩුව පදිංචි පොන්නම්පෙරුම ආරච්චිගේ නුවන් සම්පත් නමැති 37 හැවිරිදි අයකු බව ද පොලීසිය කියයි.

බටපොල බටදූව, පිහිටි අවන්හලක ඊයේ (23) රාත්‍රී 8.30 ට පමණ පුද්ගලයන් කිහිපදෙනකු මත් පැන් පානය කර ඇති බවත් එම ස්ථානයේ තවත් මත්පැන් පානය කළ පිරිසක් අතර ආරවුලක් ඇති වී අතින් පයින් පහර දිමක් සිදු වී ඇති බවත් පොලීසිය කියයි.

පසුව ඝාතනයට ලක් වූ පුද්ගලයා එම ගැටුම බේරා ඇති අතර ඊට සුළු වේලාවකට පසුව පැමිණි දෙදෙනකු මෙම පුද්ගලයාට තියුණු ආයුධවලින් පහරදී පළාගොස් ඇත.

කැපුම්තුවල සහිතව සිටි මියගිය පුද්ගලයා කඩිනමින් රෝහලට රැගෙන ගොස් ඇති අතර සුළු වේලාකවට පසු ඔහු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසිය.

පසුව මේ පහර දිම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව එහිදීම පහරදීමට අදාල දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසිය.

Share This