කඩා වැටුණු බිත්තියට යට වී එක් දරු මව ජීවිතක්ෂයට

කඩා වැටුණු බිත්තියට යට වී එක් දරු මව ජීවිතක්ෂයට

හිගුරක්ගොඩ පොලිස් වසමේ අක්කර 70 ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

හිගුරක්ගොඩ පොලීසිය සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණයත් සමග නිවසේ බිත්තියක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි එක් දරු මවකි.

මේ අතර, ඇයගේ ස්වාමි පුරුෂයා(25) සහ අවුරුදු එකහමාරක් වයසැති කුඩා දරුවා ද අනතුරෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

Share This