විජයදාසගේ සභාපතිත්වය ගැන අධිකරණය ගත් තීරණය

විජයදාසගේ සභාපතිත්වය ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීරණය මේ මස 07 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් දීර්ඝ ලෙස සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්.ඒ සමරකෝන් මහතා ඉදිරියේ සලකා බැලීම සිදුකෙරුණි.

Share This