පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ

පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, පළමු වාරයේ තුන්වන අදියර ලබන 20 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මේ අතර 2023 වසර සඳහා වන සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා (06) ආරම්භ වන අතර එය ලබන 15 වැනිදා දක්වා පැවැත්වේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 3,527කදී මෙම විභාගය පැවැත්වෙන බවයි, විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

Share This