බන්ධනාගාර රැඳවියෙක් ගෙළ වැළලාගෙන මරුට

බන්ධනාගාර රැඳවියෙක් ගෙළ වැළලාගෙන මරුට

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් ගෙල වැළලාගෙන මියගොස් සිටියදී සොයා ගත් බව බලගොල්ල පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ රෙන්ගසාමි යුවනේස් (27) නැමැති මහයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවෙකු බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.