web hit counter
හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් දෙසිය විසි දෙදෙනාගෙන් 55ක් මියගිහින්

හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් දෙසිය විසි දෙදෙනාගෙන් 55ක් මියගිහින්

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් දෙසිය විසි දෙදෙනාගෙන් 55 දෙනකු මේ වනවිට මියගොස් ඇතැයි හමාස් සංවිධානය පවසයි.

ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින්, එම ප්‍රාණඇපකරුවන් 55 දෙනා මියගිය බවයි, හමාස් සංවිධානය වැඩි දුරටත් පවසා ඇත්තේ.

හමාස් සටක්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ, පසුගිය 7 වැනිදා දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය. ප්‍රාණ ඇපයේ සිටින වැඩි දෙනා කාන්තාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටියන්ය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )