රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

2024 අයවැය යෝජනා අනුව රාජ්‍ය නිලධාරීන් වෙත ලබන අප්‍රේල් මස සිට ගෙවීමට නියමිතව තිබූ වැඩිකල රුපියල් 10000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5000 ක් මෙම ජනවාරි සිට ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් අමාත්‍ය මන්ඩලය ගත් තීරණයට අදාල චක්‍රලේඛය ඊයේ (10) රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කෙරිණි.

ඒ අනුව, රාජ්‍ය නිලධාරීන්ට දැනට ගෙවන රුපියල් 7800 ක ජීවන වියදම් දීමනාවට මෙම ජනවාරි මස සිට රුපියල් 5000 එකතු කර රුපියල් 12800 ක් ගෙවන ලෙසද අප්‍රේල් මාසයේ සිට නියමිත පරිදි ඉතිරි රුපියල් 5000 ද සමග රුපියල් 17800 ගෙවන ලෙසද රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අත්සනින් නිකුත් කළ එම චක්‍රලේඛයේ සඳහන් වේ.

කෙසේ වුවත් රජයේ විශ්‍රාමිකයන් සඳහා අය වැයයෙන් වැඩිකල රුපියල් 2500 ක ජීවන වියදම් දීමනාව මෙසේ කලින් නොලැබෙන අතර එය නියමිත පරිදි දැනට ගෙවන රුපියල් 3525 ක ජීවන වියදම් දීමනාව සමග එලඹෙන අප්‍රේල් මාසයේ වැටුප සමග රුපියල් 6025 ලෙස ගෙවන බව මෙම චක්‍රලේඛයේ සඳහන් වේ.

Share This