web hit counter
නතාෂා යළි රිමාන්ඩ් බෲනෝට ඇප

නතාෂා යළි රිමාන්ඩ් බෲනෝට ඇප

“මෝඩාභිමානය” නැමැති උත්සවයේදී බුදු දහමට අපහාස වන අයුරින් අදහස් දැක්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි නතාෂා එදිරිසූරිය ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඇය සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් අද (21) මෙම නියෝගය නිකුත් කළේය.

මේ අතර, ඇයගේ ප්‍රකාශ යූ.ටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බෲනෝ දිවාකර නැමති පුද්ගලයා ඇප මත නිදහස් කිරීමටයි, කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේ.

ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මතයි.

නතාෂා එදිරිසූරිය පසුගිය මැයි 28 වැනිදා රටින් පිටවීමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් පසු, ඇයට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් SL-Vlog හි හිමිකරුවන බෲනෝ දිවාකර ද අත්අඩංගුවට ගෙන තිබිණි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )