අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 7ක් – 54,440 ක් අවතැන්

අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 7ක් – 54,440 ක් අවතැන්

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පවුල් 13,352 කට අයත් පුද්ගලයින් 54,440 ක් පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 ක පවුල් 273 කට අයත් පුද්ගලයින් 1041 ක් පීඩාවට පත්ව ඇති අතර , කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනක පවුල් 278 කට අයත් පුද්ගලයින් 1058 ක් පීඩාවට පත්ව සිටිති.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනක පවුල් 70 කට අයත් පුද්ගලයින් 293 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබාද තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 ක පවුල් 865 ක පුද්ගලයින් 3203 ක් පීඩාවට පත් ව ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 12 ක පවුල් 134 ක පුද්ගලයින් 593 ක් පිඩාවට පත්ව සිටිති.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 14 ක පවුල් 2114 කට අයත් පුද්ගලයින් 8597 දෙනෙකු පිඩාවට පත්ව ඇති තර පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු මිය ගොස් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරක පවුල් පහක පුද්ගලයින් 18 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් පහක පුද්ගලයින් 25 දෙනෙකු,පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාලේ කොට්ඨාස දෙකක පවුල් 52 ක පුද්ගලයින් 193 දෙනෙකුද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 54 ක පුද්ගලයින් 204 ක්ද පිඩාවට පත්ව සිටිති. මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. දිවයිනේ නිවාස 724 කටද දැඩි හානි සිදුව තිබේ.

Share This