මහ කන්නයට යුරියා බෙදාහැරීම හෙට සිට

මහ කන්නයට යුරියා බෙදාහැරීම හෙට සිට

ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට(9) සිට බෙදා හැරීමට ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම් විසින් කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට හැකි අතර කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9000ක මුදලට අලෙවි කිරීමට නියමිත බව කොමර්ශල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.

මෙවර මහ කන්නයේ දී හිඟයකින් තොරව කළට වේලාවට පොහොර ලබා දීම සදහා රජයට අයත් පොහොර සමාගම් දෙක හා පෞද්ගලික අංශය මගින් කටයුතු යොදා තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Share This