දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් ඝාතනය කෙරේ

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් ඝාතනය කෙරේ

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක්ව ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (12) දහවල් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ දුම්රිය නිවාස, රත්මලාන ලිපිනයේ පිහිටි නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී තුවාල ලැබු පුද්ගලයෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වු බවට ගල්කිස්ස පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 41ක් වූ බියගහ, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු තාවකාලිකව දුම්රිය නිවාසවල පදිංචිව සිට ඇත.

පොලීසිය සඳහන් කළේ, පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් දුම්රිය දෙපාර්තමේන්තු සේවකයාට පිහියෙන් ඇන ඇති බවය.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Share This