ග්‍රාම නිලධාරීවරු ලබන 06 සහ 07 ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීවරු ලබන 06 සහ 07 ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 06 සහ 07 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව ග්‍රාම නිලධාරී සංගම් එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී සඳහා වර්තමානයේ දෙන පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ඒ පිළිබඳ අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කළ ද කිසිදු පියවරක් මේ දක්වා නොගත් බවත්ය.

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සහ ග්‍රාම නිලධාරීන්ගේ දීමනා හැකි ඉක්මනින් වර්තමානයට ගැලපෙන ලෙස ඉහළ දැමිය යුතු බවත් නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share This