Fox Hill අනතුරේ වගකීම ඔටෝමොබයිල් සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

Fox Hill අනතුරේ වගකීම ඔටෝමොබයිල් සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංගමය පවසන්නේ තරඟයේ සංවිධායකයින් උත්සවය පැවැත්වීම සඳහා දුර්වල ලෙස සූදානම්ව සිටි අතර ආරක්ෂක පියවර නොගෙන ඇති බවයි.

දුහුවිලි වැලැක්වීම සඳහා ධාවන පථයට ජලය ලබා දෙන ලෙසත් දෘශ්‍යතාවට බාධාවක් නොවන බවට වග බලා ගන්නා ලෙසත් තම සාමාජිකයන් විසින් දිගින් දිගටම කළ ඉල්ලීම් බලධාරීන් එම ඉල්ලීම් නොසලකා හැර ඇති බවයි, ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සංගමය පැවසුවේ.

සාමාන්‍යයෙන් ෆොක්ස්හිල් සහ අනෙකුත් ධාවන පථවල සෑම ඉසව් 3කට වරක් වත් ජලය දැමීම සිදු කෙරුණත් කොතෙක් ඉල්ලීම් කළද මෙදින ධාවන පථයට අවශ්‍ය ප්‍රමාණයට ජලය නොදැමීම මෙම මාරක අනතුරට ප්‍රධාන හේතුවක් වූ බව රේසිං ධාවකයින්ගේ සංගමය තවදුරටත් පෙන්වා දෙනවා.

Share This