පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

මධ්‍යම පිලිපීනයේ Leyte ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (03) පස්වරු 6.16 ට පමණ පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32 ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව තිබේ.

මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බවයි, පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය සඳහන් කර ඇත්තේ.

එම පසුකම්පන ලයිට් පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

කෙසේ නමුත්, භූ කම්පන හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

Share This