වැස්සෙන් හානි වූ කුඹුරු වලටත් වන්දි

වැස්සෙන් හානි වූ කුඹුරු වලටත් වන්දි

වැස්සෙන් හානියට පත් කුඹුරු වලටත් වන්දි ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගිය දිනවල අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට ආසන්න තත්ත්වයේ පැවැති කුඹුරු අක්කර සිය ගණනක් විනාශයට පත් ව තිබේ.

සාර්ථකව වගා කර තිබු මෙම කුඹුරු මේ වනවිට ජලයෙන් යටවීම නිසා බරපතල ලෙස හානියට ලක්ව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වර්ෂාව නිසා හානියට පත් කුඹුරු බැලීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තංගල්ල නෙටොල්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගියේය.

නියඟයෙන් මෙන්ම වර්ෂාව නිසා හානියට පත් කුඹුරු වලටත් වන්දි ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කරන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

කිසිසේත්ම ගොවීන්ට අසාධාරණයක් වීමට ඉඩ දෙන්නේ නැතැයි ද වගාවන්ට සිදුව ඇති හානිය නිවැරදි පරිදි තක්සේරු කර වන්දි ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Share This