යුද හමුදා සාමාජිකයන් 9770 ක් සේවයෙන් ඉවතට

යුද හමුදා සාමාජිකයන් 9770 ක් සේවයෙන් ඉවතට

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් 9770 ක් සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පැවැසීය.

අප්‍රේල් මස 20 වනදා සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන් හා සෙසු නිලයන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව එම පොදු සමා කාලය තුළ මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 9,770 දෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

යුද හමුදා සාමාජිකයින් 9,735 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිව ඉවත් කිරීම සිදුකර ඇති බවද වාර්තාවෙයි.

ඊට අමතරව නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර දැනට විදෙස්ගතව සිටින යුද හමුදා සාමාජිකයින් 35 දෙනෙකු ද යුද හමුදා සේවයෙන් නිත්‍යානුකූලව ඉවත්කිරීම සඳහා කටයුතු කර ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළේය.

Share This