වාලම්පුරි දෙකක් අලෙවි කිරීමට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

වාලම්පුරි දෙකක් අලෙවි කිරීමට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයෙ නිළධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණේ වරාකාපොල බුලත්කොහුපිටිය ප්‍රදේශයෙ පදිංචි 22 හැවිරිදි තරුණයකු වේ.

අජීවී බෙල්ලෙකු බලපත්‍රයක් නොමැතිව සන්තකයෙ තබා ගැනිමේ වරදට අදාල සැකකරු අත් අඩංගුවට ගෙන තිබු අතර ප්‍රශ්ණ කිරීමේදි මෙම සැකකරු පවසා ඇත්තේ තම මව්පියන් විසින් වසර ගනනාවකට පෙර කොළඹ ප්‍රදේශයෙදී මිලදි ගෙන නිවසේ තබා තිබු බවයි.

කෙසේ වෙතත් වාලම්පුරිය සමග අත් අඩංගුවට ගැණුන සැකකරු අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Share This