සංගීත ප්‍රසංගයක් අතර තුර ගැටුමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

සංගීත ප්‍රසංගයක් අතර තුර ගැටුමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පිහියකින් පහරදී 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි.

අද (05) අලුයම් කාලයේ සිදු වූ මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, පරත්ත පාරේ පදිංචිව සිටි රවිදු හේෂාන් ප්‍රනාන්දු නැමැති තරුණයෙක් බවයි පොලිසිය පැවසුවේ.

පළතුරු කපන පිහියකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනය සිදුකළ තරුණයා අපරාධය සඳහා යොදාගත් පිහිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This