ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගජ වාසියක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගජ වාසියක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.

ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබාදීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය පවසයි.

නව තරග ගාස්තු අනුව එක් එක් ක්‍රීඩකයාගේ තරග කොන්ත්‍රාත්තුව මත පදනම්ව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදල් හිමිවන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Share This