ඉන්ධන බවුසරයක් යුද හමුදා මෝටර් රථයක ගැටී හමුදා සාමාජිකයන් 03ක් රෝහලට

ඉන්ධන බවුසරයක් යුද හමුදා මෝටර් රථයක ගැටී හමුදා සාමාජිකයන් 03ක් රෝහලට

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ රදාවඩුන්න 45 කණුව ප්‍රදේශයේ දී අද 20 අලුයම සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සාමාජිකයන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

පොලිසිය පැවසුවේ, ඉන්ධන බවුසරයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

බවුසරයේ ගැටීමෙන් මෝටර් රියේ පැත්තක් සම්පූර්ණයෙන්ම පොඩිපට්ටම් වී ඇති බවද නිට්ටඹුව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් යුද හමුදා සාමාජිකයන් තිදෙනා තුවාල ලබා ඇති අතර එහි රියදුරු බරපතල තත්වයෙන් යුතුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

බවුසරයේ රියැදුරාට මෙම අනතුරින් හානියක් වී නැතැයි ද පොලිසිය සඳහන් කරයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි

 

Share This