නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීයාමෙන් ළමුන් 15ක් දියේ ගිලී මරුට – 25ක් අතුරුදහන්

නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීයාමෙන් ළමුන් 15ක් දියේ ගිලී මරුට – 25ක් අතුරුදහන්

වයඹදිග නයිජීරියාවේ සොකෝටෝ ප්‍රාන්තයේ ‘Shagari’ ගංගාවේ බෝට්ටුවක් පෙරලී යාමෙන් ළමුන් 15 දෙනෙකු දියේ ගිලී මිය ගොස් තවත් 25 දෙනෙකු අතුරුදන්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගැහැණු ළමයින් 13 දෙනෙකුගේ සහ පිරිමි ළමුන් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බවයි.

මෙම ළමයින් Shagari ගඟෙන් එගොඩ ප්‍රදේශයක දර එකතු කිරීමට යමින් සිටියදී අධික බර පැටවූ බෝට්ටුව පෙරළියාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

 

 

Share This