ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද ඉහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද ඉහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා වූ සෙස් බද්ද රුපියල් 5 සිට රුපියල් 8 දක්වා ඉහළ දමා තිබේ.

කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරැම්වලින් තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා වූ සෙස් බද්ද රුපියල් 3 සිට රුපියල් 5 දක්වා ඉහළ දමා ඇත.

එමෙන්ම, කෘතිම ලෙස වර්ණ ගැන්වු හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා තිබේ.

ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් සංශෝධනය කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.