ප්‍රධාන ජලාශ 73 ක ජල ධාරිතාව 29% වඩා පහළට

ප්‍රධාන ජලාශ 73 ක ජල ධාරිතාව 29% වඩා පහළට

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73 ක භාවිත කළ හැකි ජල ධාරිතාව සියයට 29 දක්වා අඩු මට්ටමක පවතින බවත් වර්ෂාව නොලැබුණ හොත් ගැටලුකාරී තත්වයක් ඇති වියහැකි බවත් වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල කළමණාකරන) ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය පැවසුවාය.

ගොවිතැනට අවශ්‍ය ජලය තවත් වාර දෙකක් පමණ දියයුතු බවත් ඇතැම් වැව්වලට එදිනදා අවශ්‍යතා සඳහා ජලය සැපයීමට ද ඇති බවත් ඇය කීවාය.

ගංගාවල ජල ප්‍රමාණය අඩුවීමෙන් පානීය ජල ගැටලුවක් ද මතු වන බව ද සුදර්ශනී විදානපතිරණ මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.

Share This