නව පොලිස්පති පත් කිරීම ගැන ජනපති – ටිරාන් අතර විශේෂ සාකච්ඡාවක් අද

නව පොලිස්පති පත් කිරීම ගැන ජනපති – ටිරාන් අතර විශේෂ සාකච්ඡාවක් අද

නව පොලිස්පතිවරයකු පත්කර ගැනීමට අදාළව අද (27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ සහ මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව පැවැසේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විශාල උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව කතෝලික පල්ලිය සහ නීතිඥ ඇතුළු පාර්ශව රැසක් විරෝධය දක්වා ඇත.

කෙසේ වෙතත්, අද දිනයේ පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ..

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය 24 වැනිදා විශ්‍රාම ගිය අතර පොලිස්පතිවරයාගේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වැනිදා ය.

ජනාධිපතිවරයා විසින් අවස්ථා හතරකදී ඔහුට සේවා දිගු ලබාදෙන ලදී.

Share This