අම්පාරේ බස් අනතුරකින් 23ක් රෝහලට

අම්පාරේ බස් අනතුරකින් 23ක් රෝහලට

අම්පාර නගරයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අක්කරෙයිපත්තුව – අම්පාර මාර්ගයේදී ලංගම බස් රථයක් හා පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් පාසල් සිසුන් 20ක් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර තිබෙනවා.