දැඩි උණුසුමෙන් සුරතල් සතුන් ආඝාතයට පත්වීමේ අවදානමක්

දැඩි උණුසුමෙන් සුරතල් සතුන් ආඝාතයට පත්වීමේ අවදානමක්

අධික උණුසුම් සහිත උණුසුම් හේතුවෙන් නිවෙස් තුළ ඇති කරන සුරතල් සතුන් සත්ව ආඝාතයට පත්වීමේ අවදානමක් පවතින බව සත්වවේදීන් පෙන්වා දෙනවා.

මෙලෙස පාරිසරික උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ වීදි සුනඛයින්, ගෘහාශ්‍රිත සුරතල් සතුන් මෙන්ම වනජීවීන්ද දැඩි බලපෑමට ලක්ව තිබෙන බවයි ඔවුන් සඳහන් කළේ.

එමෙන්ම නිවෙස් තුළ ඇති කරන සුනඛයින්, බළලුන් වැනි සතුන් අධික උණුසුම හේතුවෙන් තාප ආඝාතය තත්වයට ද පත්වීමේ අවදානමක් පවතිනවා.

සුරතල් සතුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දිනකට දෙතුන්වරක් නැහැවීම මෙන්ම සතුන් වෙනුවෙන් ජල බඳුනක් වෙන්කර තැබීම වඩාත් සුදුසු බවයි පශු වෛද්‍යවරුන් පවසන්නේ.

Share This