අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැලඳවීම ගැන විමර්ශනක්

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැලඳවීම ගැන විමර්ශනක්

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

අනුරාධපුර යුගයේ ඉදිකෙරුණු අවුකන බුද්ධප්‍රතිමාවට මෙරට ”හිටි බද්ධ ප්‍රතිමා වහන්සේ ”අතුරින් හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ ධාතුසේන රජතුමන් මෙම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරවූ බව ඉතිහාසයේ සඳහන්ය.

ප්‍රතිමාවේ සිවුරේ රැලි ඉතා පැහැදිලිව දිස් වන අයුරින් ඉතා සියුම්ව විශිෂ්ට ලෙස කැටයම් කර තිබීමත් එහි සමබරතාවත් හේතුවෙන් එය සැලකෙන්නේ මෙරට අතීත කලා ශිල්පයේ අද්විතීය බව පෙන්නුම් කෙරෙන නිර්මාණයක් ලෙසය.

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමට පිරිසක් කටයුතු කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර ඇතැම් පුද්ගලයින් ප්‍රතිමා වහන්සේ මතට නැඟී එම වස්ත්‍රය පළඳවන ආකාරය ද එහි දක්නට ලැබුණි.

Share This