කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට

ගෑස් මිල අඩු කිරීමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බවයි, එම සංගමයේ සභාපති, හර්ශන රුක්ෂාන් මහතා සඳහන් කළේ.

එමෙන්ම කෙටි ආහාරවල (ෂෝර්ටීස්) මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර තිබේ.

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කළත් ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් වෙනස් කර නොමැති බව ද එම සංගමය සඳහන් කළේය.