මෛත්‍රීගෙන් CIDයට පැය දෙකක ප්‍රකාශයක්

මෛත්‍රීගෙන් CIDයට පැය දෙකක ප්‍රකාශයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙකක ප්‍රකාශයක් ලබා දී තිබේ.

අද පෙරවරු 10ට පමණ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති අතර ඔහු දහවල් 12.20ට පමණ ඉන් පිටව ගොස් තිබේ.