දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද වැඩ වර්ජනයේ

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද වැඩ වර්ජනයේ

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (23) දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

සිය වෘත්තීය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා පවතින ගැටලු විසඳන ලෙස බලධාරීන් දිගින් දිගටම දැනුවත් කළද ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට එම සංගමය තීරණය කර ඇත.

ඒ අනුව දිවයිනේ සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දිනයේ සේවයෙන් ඉවත්වීමේ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ මහතා සඳහන් කළේය.

Share This