මිහින්තලා පුදබිමට දුන් නව විදුලි සම්බන්ධතාවය යළි ගලවා ගෙන ගිහින්

මිහින්තලා පුදබිමට දුන් නව විදුලි සම්බන්ධතාවය යළි ගලවා ගෙන ගිහින්

මෙවර පොසොන් මංගල්‍යය වෙනුවෙන් ඓතිහාසික මිහින්තලා රජ මහ විහාරය ප්‍රදේශයට ලබා දීමට කටයුතු කළ නව විදුලි සම්බන්ධතාවය ඉවත් කිරීමට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ නියමයෙන් අද දින කටයුතු කර ඇති බව මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි.

පොසොන් මංගල්‍යය වලදී සෑම විටම ඓතිහාසක මිහින්තලා පුදබිම ආලෝකමත් කිරීමට විදුලි බලමණ්ඩලයේ 50% ක දායකත්වයක් මෙතෙක් ලබා දුන් බවත් මෙවර පොසොන් මංගල්‍යයට එම දායකත්වය ද ලබා නොදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කිරීම ගැටලුවක් බව ද නායක හිමියන් පවසයි.

රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

ඒ රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්වය හේතුවෙන්.

රජයේ ප්‍රතිපාදන ලැබෙනතුරු මිහින්තලා පුදබිමට විදුලිබල්බ ලබා නොදීමටද විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.

Share This