හබරාදූවේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

හබරාදූවේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

හබරාදුව තල්පෙ පොල්දූව පන්සල අසලදී අද (24) උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් මිය ගොස් ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වු පුද්ගලයා තල්පෙ හීනටිගල පදිංචි 38 හැවිරිදි අයෙකි.

ඝාතනයට ලක්වු පුද්ගලයා උදෑසන දරුවන් දෙදෙනා පාසලට ගෙන ගොස් බිරිඳ සමග ආපසු නිවස බලා ත්‍රී රෝද රථයෙන් යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා ත්‍රීරෝද රථකරු ඝාතනය කොට පලා ගොස් ඇති බව හෙලිවී ඇතැයි පොලීසිය කියයි.

වෙඩි තැබීමේදී ත්‍රීරෝද රථයේ ගමන් කළ ඔහුගේ බිරිඳටද ⁣තුවාල සිදුවී කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කර ඇත.

ඝාතනයට ලක්වු පුද්ගලයාගේ සිරුරට වෙඩි උණ්ඩ 10ක් පමණ වැදි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි තිබේ. බිරිදගේ ගෙලට වෙඩි වැදි ඇති බව පොලිසිය පවසයි.

හබරාදුව පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

Share This